දේශීයප්‍රමුඛ පුවත 1

කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය හෙට ලිහිල් කෙරේ

(UTV | කෝවිඩ්-19) – හෙට (26) දිනයේදී කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා එක දිගටම ක්‍රියාත්මක කෙරුණු ඇදිරි නීතිය මාස දෙකකුත් සතියකට පමණ පසුව ඉවත් කෙරේ.

ඒ අනුව හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය දහවල් කාලයේ ඉවත් කෙරෙන අතර රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පැය හයක කාලයක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කරයි.

මීට පෙර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පැය 9ක කාලයකි.

රටේ කොරෝනා වෛරස ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය වී ඇති හෙයින් මුළු රටේම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට පියවර ගත් බව රජයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඊයේ (24) දවස පුරා මුළු දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු අතර අද (25) දවස පුරා එලෙසම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනපති කාර්යාලය පවසයි.

මාර්තු මස 20 වැනිදා සිට කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි මීට පෙර ලිහිල් කෙරුණේ එක් අවස්ථාවකදී පමණයි.

හෙට (26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද අවසර ලැබෙන බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් වැඩි කිරීමේ වැඩපිළිවෙලක් – මුදල් ඇමති

Mohamed Dilsad

කබ්රාල් සිය අස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදෙයි

Mohamed Dilsad

ජනරජ පෙරහැර අද පස්වරුවේ

Mohamed Dilsad

Leave a Comment