දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 64000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 64,387 ක් බවට පත්ව තිබේ.

මෙම පිරිස පසුගිය මාර්තු 20 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 18,169 කි.

ඊයේ (24) පෙරවරු 6 සිට අද අලුයම 6 දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 1710 ක් වන අතර වාහන 557 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර පසුගිය මාර්තු 18 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 20, 497 ක් පවරා ඇත.

දඩුවම් නියම කර ඇති සංඛ්‍යාව 7934 ක් බව පොලිසිය නිකුත් කල නිවේදනයක දැක්වේ.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

වැඩබලන ජනාධිපතිවරයා පොහොට්ටුවේ සහයෝගය අහිමිවීමෙන් අසරණ වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

Editor O

ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්

Editor O

Leave a Comment