දේශීයව්‍යාපාරික

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය හෙට සිට දීර්ඝ කරයි

(UTV| කොළඹ) – හෙට (26) කොළඹ කොටස් වෙළඳපොලේ හුවමාරු කටයුතු යළි ආරම්භ කෙරෙන බව නිවේදනය කර ඇත.

ඒ අනුව හෙට සිට බල පැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා දීර්ඝ කර තිබේ.

කොටස් වෙළඳපොලේ පූර්ව විවෘත සැසිය පෙරවරු 10.30 සිට 11 දක්වා ක්‍රියාත්මක වන අතර, විවෘත වෙන්දේසිය පෙරවරු 11 ට සිදුකිරීමට නියමිතය.

මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 1/2 ක්.

කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු කාලසීමාව පැය 5 ක් වන අතර එය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වායි සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙයි.

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයි

Mohamed Dilsad

හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට

Mohamed Dilsad

බදු අඩු කර ජනතාවට සහන දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න සූදානම් – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment