දේශීය

ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවධානම් තත්ත්වයක්

(UTV | කොළඹ) –  ඉදිරි දින කීපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිවේදනය කරන ලදී.

මෙම නිවේදනයේ සදහන් කරුනු සළකා බලා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවධානම් තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

මී ඔය, දැදුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැළණි ගඟ, කලු ගඟ, බෙන්තොට ගග, ගිං ගඟ, නිලවලා ගඟ කිරම ඔය සහ ඌරුබොකු ඔය යන ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්ව විසින් නිවේදනය කර ඇත.

ඊට අමතරව මධ්‍යම කදුකරයට ලැබිය හැකි වර්ෂාපතනය අනුව මහවැලි ගංගාධාරයේ පහත්බිම් ප්‍රදේශ වලට ද ගංවතුරු අවදානමක් ඇතිවීමට ඉඩ කඩ පවතින බව මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

ගංවතුර අවදානම් නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති තද වැසි පිළිබදව අවවාධාත්මක නිවේදනය අනුව සකස් කර ඇති බවත් එම නිවේදනය තුළ සදහන් කර ඇති ආපාරයට මෙම ගංගා ධාර ප්‍රදේශයට වර්ෂාව ලැබේ නම් ඇතිවිය හැකි ගංවතුර අවදානමට පෙරසුදානම් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

විශේෂයෙන්ම පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඔබ ජීවත්වන නිවස ගංවතුර අවධානයට ලක්වන තෙක් නොසිට සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යාම ඉතා වැදගත් වේ.

එසේම පාසැල් සිසුන්ගේ පොත් පත් ලිපි ද්‍රව්‍ය ගංවරතුරෙන් සුරක්ෂිත කර ගැනීමට කටයුතු කිරීමත් පවතින තත්වය හමුවේ ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ වර්ජනයට IOC සහායත්

Mohamed Dilsad

අඟුලානේදී අත්අඩංගුවට ගත් 14 දෙනාට ඇප

Mohamed Dilsad

කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment