දේශීය

අන්තර් පළාත් බස් සේවා අද සිට

(UTV | කොළඹ ) – අද (26) කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවා සිට ආරම්භ වේ.

සෞඛ්‍ය අංශ විසින් මෙම බස් රථ සේවා ආරම්භ කරනුයේ රජයට දී ඇති උපදෙස් අනුව වන අතර මාර්ග 5 ක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකෙරේ.

මෙම බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් බව ද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම බස් රථවල ගමනාන්තය ලෙස පැහැදිලිවම ඉදිරි පස වීදුරුවේ බස් රථය නවත්වන අවසාන ස්ථානය සඳහන් කළ යුතුයි.

එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව මුව ආවරණ සෑම මගියෙක් විසින් පැළඳිය යුතු අතර බස් රථ තුළ මහජන සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් පවත්වා ගත යුතු බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

වැඩිම දෛනික කොරෝනා මරණ අද

Mohamed Dilsad

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

ඊයේ කොවිඩ් මරණ 46ක්

Mohamed Dilsad

Leave a Comment