දේශීය

මැතිවරණ පෙත්සම් 6 වන දිනයටත් සලකා බලයි

(UTV | කොළඹ ) – අද (26) , ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 6 වන දිනයටත් වැඩිදුර සලකා බැලීමට නියමිතයි.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද පෙරවරු 10.0 0ට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලාවේදී පෙත්සම් සලකා බැලීමට නියමිතයි.

අද දිනයේදී පෙත්සම් වෙනුවෙන් නීතිපතිවරයා සිය මූලික විරෝධතා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම සිදු කෙරේ.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය කරුණු දැක්වීමට නියමිතයි.

Related posts

වෙසක් දිනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සුභ පැතුම් [RELEASE]

Mohamed Dilsad

6ක් ඇවිත් යුවළක් පැහැර ගනී

Mohamed Dilsad

සදාචාර විරෝධී සමලිංගික චර්යා ප්‍රවර්ධනය වහාම නතරකරනු : මහනාහිමිවරු ජනාධිපතිට දැනුම් දෙයි

Editor O

Leave a Comment