දේශීය

ඇඳිරි නීතිය කඩකළ පිරිස 66,000 ආසන්නයි

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවූ පසුගිය මාර්තු මස 18 වන දා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 65,930 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ රථ වාහන, 18,614ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

තවද අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 20,926 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

කොස්ගම රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

Mohamed Dilsad

කලින් කීයු දේවල් අමතක වෙච්ච මාලිමාවේ මන්ත්‍රීවරු ගැන හර්ෂන රාජකරුණා කියපු කතාව

Editor O

Leave a Comment