දේශීය

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – අද (26) ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

නිශ්ශංක සේනාධිපති විසින් ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

අද පෙරවරු 09.30 ට ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

එම පැමිණිල්ල පිළිබඳ සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතු අද දිනයේ පළමු වරට ආරම්භ වන අතර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය මඟින් මූලික විමර්ශන අවසන් කළ තවත් පැමිණිලි දෙකක සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කෙරෙයි.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ණය ගෙවීමේ අසීරුතාවයට පත්ව සිටින ව්‍යවසායකයින්ට සහනයක්

Editor O

ඉන්දියාවේ දුම්රිය අනතුර ගැන ජනපතිගේ ශෝකය

Mohamed Dilsad

Leave a Comment