විදෙස්

කොරෝනා ප්‍රතිකාර සඳහා හයිඩ්රොක්සික්ලෝරීන් අත්හදා බැලීම අත්හිටුවයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසට ප්‍රතිකාර ඖෂධයක් ලෙස මැලේරියා ඖෂධ හෙවත් හයිඩ්රොක්සික්ලෝරීන් නමැති ඖෂධය අත්හදා බැලීම් කටයුතු අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනම් ඊයේ (25) මේ බව දැනුම්දී ඇති බවයි.

රටවල් කිහිපයක සිදු කළ අධ්‍යයනය පසුව එම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඔහු සඳහන් කළේ කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර ඖෂධයක් ලෙස හයිඩ්රොක්සික්ලෝරීන් ඖෂධය සුදුසු බවට මේ වන තෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවයි.

මැලේරියා ඖෂධ ලබා ගත් කොරෝනා රෝගීන් අතර මරණ අනුපාතය තරමක් ඉහළ මට්ටමක පවතින බව අධ්‍යයනයේදි හෙළි වී ඇති අතර ඊට සෘජුවම අදාල ඖෂධය සම්බන්ධ යැයි මෙතෙක් තහවුරු වි නොමැත.

මෙම තත්වය යටතේ තාවකාලික පියවරක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය එම තීරණය ගෙන තිබේ.

Related posts

ඉන්දීය කොරෝනා ප්‍රභේදය රටවල් 44 ක

Mohamed Dilsad

ඇමරිකාවෙන් ඉරානයට යළි සම්බාධක

Mohamed Dilsad

ගාසා තීර‍යට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 58 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment