දේශීය

පූජිත් ජයසුන්දර ගොනු කළ පෙත්සම සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ) – හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 09 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේය.

පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  19 වන සංශෝධනයට අනුව තමන්ව පාස්කු ඉරුදින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට එවක ජනාධිපති ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතාට බලයක් නොමැති බවයි.

ඒ තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පූජිත් ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි

Related posts

ජුනි 1 වනදා පාසල් විවෘත කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

බහු දින ධීවර යාත්‍රා සඳහා නිරෝධායන සහතිකය අනිවාර්ය කරයි

Mohamed Dilsad

විශ්‍රාම වැටුප්ලාභීන්ට පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment