විදෙස්

නවවැනි දිනටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6000 ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – නවවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (28) හයදහස ඉක්මවා ගියේය.

ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,000 ඉක්මවීය.

ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා පිට වී ගිය සංඛ්‍යාව 67,692 කි. කොරෝනා වෛරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 86,110කි.

කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ පළමු ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර ඉන්දියාවේ මූල්‍ය අගනගරය හෙවත් මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.

Related posts

WhatsApp සඳහා නව විශේෂාංග

Mohamed Dilsad

ඇෆ්ගන් කාන්තාවන්ට රැකියාවක් කිරීමට තහනම්

Mohamed Dilsad

කොරෝනා එන්නත් සන්ධානයට රටවල් 180 ක්

Mohamed Dilsad

Leave a Comment