දේශීය

ප්‍රතිකාර ලබන කළු කොටියාට විශේෂ කුටියක්

(UTV | කොළඹ) – මද්දකට හසුවීමෙන් තුවාල ලැබූ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින පැන්තෙරා පාදුස් වර්ගයේ දුර්ලභ කළු කොටියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව උඩවලව ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් පවසයි.

පසුගිය 26 වැනිදා ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ මෙම කළු කොටියා මන්දකට හසුවී තුවාල ලබා සිටියදී වනජිවි නිලධාරින් විසින් සොයාගනු ලැබුවේ ලක්ෂපාන වතුයායේ – වාලමනේ ප්‍රදේශයේදීයි.

පසුව මෙම කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණට භාරදුන් අතර, එහි විශේෂ කුටියක මෙම කොටියා ප්‍රතිකාර ලබන බව සඳහන්.

උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන සඳහන් කළේ සීත ප්‍රදේශවල සැරිසැරූ මෙම කොටියාට අවශ්‍ය පරිසර උෂ්ණත්වය ලබාදීම සඳහා වායුසමනය කරන ලද විශේෂ කුටියක රඳවා ඇති බවයි.

එමෙන්ම, සී.සී.ටී.වී. තාක්ෂණය ඔස්සේ දෛනිකව කොටියාගේ චර්යා රටාවන් නිරීක්ෂණය කරන බව වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු 2 වන අධියර ලබන සඳුදා සිට

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය : කෝටිපති ව්‍යාපාරිකයාට හා පුතාට ඇප

Mohamed Dilsad

Leave a Comment