දේශීය

හෙට කොළඹට පැය 18 ක ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (30) උදෑසන 9.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය රැගෙන යන නල මාර්ගයක සිදුකෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ – 02, 03,07,08,09,10 යන ප්‍රදේශවලටයි.

ඊට අමතරව කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති.

Related posts

ඩෙංගු හිස ඔසවයි. රෝගීන් 45,448ක් : මරණ 22ක්

Editor O

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අගරු චෙක්පත් 8000 ක්

Mohamed Dilsad

බෝගම්බරින් පැනයාමට තැත්කළ සිව් දෙනෙක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment