දේශීයප්‍රමුඛ පුවත 1

සජිත් ප්‍රේමදාස ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(UTV | කොළඹ) – සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදුන් සජිත් ප්‍රේමදාස ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ තීරණය එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව අනුමත කළේය.

එමෙන්ම, සජිත් ප්‍රේමදාස දැරූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරය, ආසන සංවිධායක ධුරය මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ද ඒ අනුව අහිමි වනවා.

එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර සඳහන් කළේ සමගි ජන බලවේගයට එක්වූ සෙසු පිරිසගේ ද පක්ෂ, තනතුරු ඇතුළු වගකීම් අහෝසි වන බවයි.

Related posts

සිරකරුවන් 173 කට පොසොන් වෙනුවෙන් අද නිදහස

Mohamed Dilsad

පාසැල් ළමුන් අටදෙනෙකු ප්‍රවාහනක කල ත්‍රිරෝද රථයක් අනතුරට

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ ට විජේරාම නිවස දුන් යහපාලන ආණ්ඩුවේ රැස්වීමට අනුරත් ආවා..- රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment