දේශීය

ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (30) අලුයම ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙයින් පළමු ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි නුවර රැදී සිටි ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වල සාමාජිකයන් 18 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

දෙවන ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-605 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙසේ පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම නීරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Related posts

විදුලි ගාස්තු ගැන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිෂමට

Editor O

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි සමග 6ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Editor O

ලංකාවට මත්ද්‍රව්‍ය එවන අලුත්ම ක්‍රමය මෙන්න [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment