දේශීයව්‍යාපාරික

මැයි මාසයේ උද්ධමනය පහළට

(UTV | කොළඹ) – අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ උද්ධමනය 1.2ක පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඒ අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 4 ක් වන අතර අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 5.2 ක් වෙයි.

මහ බැංකුව පවසන්නේ මැයි මාසයේ පැවති ඉහල පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම උද්ධමනය අඩු වීම සඳහා පූර්ණ වශයෙන් දායක වී ඇති බවයි.

ආහාර ඛාණ්ඩයේ ලක්ෂමය උද්ධමනය අප්‍රේල් මාසයේ සියයට 13.2ක්ව පැවති අතර එය මැයි මාසයේ සියයට 9.9 දක්වා පහල ගොස් තිබේ.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ ආහාර නොවන ඛාණ්ඩයේ ලක්ෂමය උද්ධමනය අප්‍රේල් මාසයේ සියයට 2.1 පැවති අතර එය මැයි මාසයේ සියයට 1.6 දක්වා පහල ගොස් ඇති බවයි.

Related posts

නිලන්ත ජයවර්ධන‍ වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීම ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

පළමු යතුරුපැදි කිහිපය ජනපති ට භාරදෙයි

Mohamed Dilsad

අඩු බර පාන් අලෙවි කරන්නන් සොයා වැටලීම්

Mohamed Dilsad

Leave a Comment