දේශීය

ගෆුර් ගොඩනැගිල්ලේ සියලු නාවික සෙබලුන්ට කොරෝනා නැති බව තහවුරු වෙයි

(UTV | කොළඹ) – කොළඹ ගෆුර් ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබළුන් 220 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තාවල ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේය.

එම ගොඩනැගිල්ලේ සිටි නාවික හමුදා සෙබලෙකු කොවිඞ් ආසාදිතයෙක් බවට හඳුනා ගැනීමත් සමග ගෆුර් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් හුදෙකලා කර එහි සිටි සියලුම නාවික හමුදා සාමාජිකයින් නිරෝධායන කටයුතු සඳහා යොමුකර වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරිමට පියවර ගනු ලැබීය.

Related posts

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

Mohamed Dilsad

සමාජයට අනාරක්ෂිත ලෙස බැහැපු පිරිස නිසා රට අවධානමේ

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වනවාද? නැත්ද ? තීරණය දෙසැම්බර් 31දා

Editor O

Leave a Comment