විදෙස්

සීමාවන් දීර්ඝ කළත් ඉන්දියාවේ කටයුතු කෙමෙන් යථා තත්ත්වයට

(UTV |කොවිඩ් 19) – කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු 25 වනදා සිට පැනවුනු සීමාවන් ජූනි 30 වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේවෙතත් වෛරසය ආසාදනය අවම ප්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු කෙරෙන බව ද ඉන්දීය රජය නිවේදනය කරයි.

ඒ අනුව ලබන ජූනි 8 වනදා සිට සාප්පු සංකීර්ණ, හෝටල්, අවන්හල් සහ ආගමික ස්ථාන මහජනතාව සඳහා විවෘත වනු ඇත.

ජූලි මාසයේ සිට පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීමට ද ඉන්දියාව සැළසුම් කර තිබේ.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 80,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාවද 5,000 කට අධික වෙයි.

Related posts

‘චීනයේ බාලාංශ පාසලක සිදුවූ පිපිරීම අපරාධයක්’චීන පොලීසිය කියයි

Mohamed Dilsad

බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාරයෙන් 51 දෙනෙකු මරුට

Mohamed Dilsad

තීරු බදු ප්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස ලොව ප්‍රභලයෙක්ගෙන් ට්‍රම්ප් ට ඉල්ලීමක්

Editor O

Leave a Comment