දේශීයප්‍රමුඛ පුවත 1

දිවයිනටම පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

(UTV | කෝවිඩ්-19) – අද (01) අලුයම 4 ට සමස්ත දිවයිනටම බල පැවැත්වෙන පරිදි පණවා තිබූ ඇදිරි නීතිය ඉවත් කෙරිණි.

ලබන බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 04 දක්වා පමණයි.

රජය විසින් ලබන බ්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදෙන ලබන සිකුරාදා යන දිනවලද මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැණවීමටයි තීරණය කර ඇත.

ජුනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

තවද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයටද අවසර හිමි වන බව රජය නිවේදනය කරයි.

Related posts

වැඩ වර්ජන කරමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න පිරිසක් උත්සාහ කරනවා – රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Editor O

සමස්ත පාසල් දරුවන් ගැන සිතා හෙට සේවයට වාර්තා කරන්න – ඇමති බන්දුල ගුණවර්ධන

Editor O

සෞදි බන්ධනාගාරවල සිටින ලාංකික කතුන් වහාම ලංකාවට ගෙන්වන්න වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment