දේශීය

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 14 ක් පිටව යයි

(UTV | කෝවිඩ් -19) – බූස්ස නාවික කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන කටයුතු අවසන් කල තවත් පුද්ගලයින් 14 ක් අද (01) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව ගියේය.

ඔවුන්ට රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් නාවික හමුදාව කටයුතු කළේය.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 218ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 99 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

Related posts

රාජකාරී වේලාවේ වෙනසක් කිරීමට රජයේ අවධානය

Mohamed Dilsad

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

උපකාරක පන්ති යළි ඇරඹිමේ සුදානමක

Mohamed Dilsad

Leave a Comment