දේශීය

“ඉටුකම” අරමුදලේ ශේෂය මිලියන 1217 ඉක්මවයි

(UTV| කොවිඩ් 19) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1217 ඉක්මවා ඇත.

සෝමාවතී රාජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ රුපියල් 500,000 ක් අරමුදලට පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා පසුගියදා සෝමාවතී පුදබිමට පැමිණි අවස්ථාවේදී එතුමා වෙත පිළිගන්වනු ලැබීය.

නේපාලයේ වෛද්‍ය ශිෂ්‍යයින්ගේ දෙමාපිය සංගමය ප්‍රදානය කළ රුපියල් 1,200,000 ට අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

කොළඹ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය රුපියල් 1,225,000ක් පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත භාර දුන්නා ය.

ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය රුපියල් 50,000ක්,අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් මහත්මිය රුපියල් 25,000ක්, සංචාරක හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා රුපියල් 50,000ක්, L H Piyasena & Company (Pvt) Ltd රුපියල් මිලියනයක්, නාගරික සංවර්ධන, ජල සැපයුම් හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල පරිත්‍යාග වශයෙන් රුපියල් 189,225ක්, අරමුදලට පරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,217,624,295.76 කි.

චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය.

දුරකථන අංක 076 070 0700 , 0112 320 880, 0112 354 340 , 0112 424 012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

Related posts

නව ආසාදිතයින් 224ක්

Mohamed Dilsad

පීඩාවට පත්වන ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් [PRESS RELEASE]

Mohamed Dilsad

අද අලුයම සිට තවත් ප්‍රදේශ 04 ක් හුදකලා කරයි

Mohamed Dilsad

Leave a Comment