විදෙස්

කළු ජාතිකයාගේ මරණයට එරෙහි ඇමරිකාවේ විරෝධතා ප්‍රාන්ත 15 කට පැතිරෙයි

(UTV | ඇමරිකා) –  සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් මියගිය කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆොයිඩ්ගේ මරණයට එරෙහිව ඇමෙරිකාවේ පැවැත්වෙන විරෝධතා අද වනවිට එරට ප්‍රාන්ත 15කට ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆොයිඩ්ගේ මරණයට එරෙහිව ආරම්භ වූ මෙම විරෝධතා මේ වනවිට පොලිසියේ නොමනා ක්‍රියාවලට හා විශේෂයෙන්ම කළු ජාතිකයන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රචණ්ඩත්වයටත් විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා බවට පත්ව තිබේ.

මෙම විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇති අතර ලොව වඩාත් ආරක්ෂිත ස්ථානය යැයි සැලකෙන ධවල මන්දිරය ඉදිරිපසට ද පැමිණ ඇත.

විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය පහළ ආරක්ෂිත බංකරයේ සැඟවිණි.

කෙසේ වෙතත් ට්විටර් සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ මාධ්‍ය ගෙන යන මෙම ප්‍රචාර අසත‍්‍ය බවටයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක් සිය සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කිරීමට ද ට්විටර් සමාජ මාධ්‍ය ජාලය පියවර ගත්තේය. එම ට්ව්ටිර පණිවුඩය ජනතාව කුපිත කරවන බවත් ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන බවත් සඳහන් කරමින් ට්ටිවර් සමාජ ජාලය එම පියවර ගෙන තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නගර රැසකට මේ වනවිට ඇඳිරි නීතිය පනවා තිබුණ ද විරෝධතාකරුවෝ විරෝධතාවල නිරත වෙති.

ඇමෙරිකා එක්සත් ජනපදයට 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ අයුරින් ධවල මන්දිරයේ ආරක්ෂාව තර කළ පළමු අවස්ථාව මෙය යැයි ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.

සුදු ජාතිකයන් රැසක්ද එම විරෝධතා වලට එක්ව සිටීම විශේෂත්වයක් වන අතර , බොහෝ ප්‍රාන්තවල පොලිස් නිලධාරීන්ද කළු ජාතිකයෙකුට එරෙහිව සිදුවූ අකටයුත්ත පිළිඟනිමින් විරෝධතාකරුවන් හමුවේ දණ නමන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

The salesman චිත්‍රපටයේ අධ්‍යක්ෂකගෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට පහරක්

Mohamed Dilsad

”කොවිඩ් සුනාමියක්” ඇති වීමේ අවදානමක්

Mohamed Dilsad

ඇමෙරිකානු සෙබළුන් 4000කින් යුත් කණ්ඩායමක් ජර්මනියට

Mohamed Dilsad

Leave a Comment