දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද

(UTV| කොළඹ) – ජුනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද (02) ලබාදීමට නියමිතව ඇත.

ඒ අනුව පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යන්නේද නැතිද යන තීන්දුව අද පස්වරු 3 ට ප්‍රකාශයට පත් කරන බවයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළු‍විහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ 10 වන දිනටත් එය සලකා බලනු ලැබීය.

Related posts

නලින් හේවගේගේ පට්පල් කෙබරයක් ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්

Editor O

කොවිඩ් ප්‍රතිකාර සඳහා ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් කෙරේ

Mohamed Dilsad

Leave a Comment