දේශීය

මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට

(UTV | කොළඹ) – මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු සඳහන් කළේ අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වුව ද දිනය ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණයට අදාළ වෙනත් කරුණු කිහිපයක් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ විශේෂඥ කමිටුව අද දිනයේත් රැස්වු අතර එහිදී සකස් කෙරෙන නිර්දේශ ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Related posts

මැනිං වෙළඳපොල දින 4 ක් වසා තැබෙයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ

Mohamed Dilsad

උපයනවිට ගෙවීමේ බද්දට දී තිබූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment