දේශීය

නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ 13 ක් නාවික හමුදා භාරයට

(UTV | කොළඹ) – නීති විරෝධි ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

එහිදී මසුන් කිලෝග්‍රෑම් 10 ක තොගයක් සහ තවත් ධීවර ආම්පන්න තොගයක් ද නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය සහ කුච්චවේලී ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ.

Related posts

විභාග පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදුව රාත්‍රී 07න් පසුව සිදුනොකර ලෙස නිර්දේශ

Mohamed Dilsad

එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී

Editor O

Leave a Comment