ක්‍රීඩා

කොදෙව් – එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග කාලසටහන ප්‍රකාශයට

(UTV | එංගලන්තය) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ටෙස්ට් තරඟ මාලාවේ කාලසටහන එංගලන්තය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන මස 8 වනදා සවුතැම්ප්ටන් හිදි ආරම්භ වීමට නියමිත අතර දෙවන හා තුන් වන ටෙස්ට් තරඟ දෙක මැන්චෙස්ටර් හිදි පැවැත්වෙයි.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ කිසිදු තරඟයකට නරඹන්නක් ගෙන්වීමට පියවර නොගන්නා බවයි.

කොදෙව් පිල ලබන 9 වනදා එංගලන්තයට ළඟා වන අතර එතැන් සිට ඔවුන් සති තුනක කාලයක් නිරෝධායන නීති අනුව පුහුණු වීමට නියමිතයි.

අනතුරුව ටෙස්ට් තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන අසල පිහිටි හෝටල් වෙත ඔවුන් යොමු කෙරේ.

කොරෝනා වසංගතයෙන් පසුව පැවැත්වෙන පළමු ටෙසට් ක්‍රිකට් තරඟමාලාවද මෙය වේ.

Related posts

බංගලාදේශය සහ ඔස්ට්‍රේලියාව ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව කල් යයි

Mohamed Dilsad

පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 20 ක් කොන්ත්‍රාත්ගත කරයි

Mohamed Dilsad

CPL තරඟාවලියෙන් බ්‍රාවෝ ඉවතට

Mohamed Dilsad

Leave a Comment