විදෙස්

වසා දැමූ ඩුබායිහි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කෙරේ

(UTV | ඩුබායි) – කොරෝනා වසංගතය හමුවේ වසා දැමූ ඩුබායිහි වෙරළ තීර කිහිපයක් ජනතාවට යළි විවෘත කර තිබේ.

මේ වනවිට ඩුබායි බලධාරීන් කොරෝනා වසංගත හමුවේ පැනවූ දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමට පියවර ගත් අතර ඇතැම් වෙරළ තීර ජනතාවට විවෘත කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි.

විදෙස් වාර්තා පැවසුවේ එය ඩුබායි වැසියන්ගේ ඉමහත් සතුටට හේතුවී ඇති බවයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු එරට මහජන උද්‍යාන ඉකුත් මැයි 13 වැනිදා යළි විවෘත කිරීමට පියවර ගැනුණු අතර හෝටල්වලට පැමිණෙන අමුත්තන්ට පුද්ගලික හිමිකාරීත්වය සහිත වෙරළ තීර වෙත පිවිසීමටත් අවසර හිමිවුණි.

Related posts

ප්‍රංශ – රුසියා සාකච්ඡා ආරම්භ වෙයි

Mohamed Dilsad

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වෙයි

Mohamed Dilsad

ඉරානයේ වෛද්‍ය මධ්‍යස්ථානයක ගෑස් කාන්දුවකින් 19 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment