දේශීය

කහ තිත් පළඟැටියන් ගැන 1920 ට දැනුම් දෙන්න

(UTV | කොළඹ) – පසුගිය දින කීපයේම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන කහ තිත් පළඟැටියන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1920 ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වාදී තිබේ.

එම දැනුම්දීම්වලට අනුව අදාළ ප්‍රදේශවලට කෘෂිකර්ම නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය විජේසිරි වීරකෝන් කියා සිටියේය.

කහතිත් පළඟැටියා හෙවත් පෙති අං පළඟැටියා මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම හා කෑගල්ල දිස්ත්‍රික්කයේ තවත් ගම්මාන කීපයකට ව්‍යාප්තව ඇතැයි කෘෂිකර්ම නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

මෙම පලැඟැටි විශේෂය පරිසර පද්ධතියෙන් මීට පෙර වාර්තා වූවද මෙවැනි සීඝ්‍ර ගහනයක් වාර්තාවී ඇත්තේ පළමු වරටය.

 

 

Related posts

පියා සමග සෙල්ලම් කරමින් සිටි පුංචි දියණිය මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

Mohamed Dilsad

ජනපතිගේ නම විකුණමින් රාජ්‍ය ආයතනවලට කරන බලපෑම් වහාම දැනුම් දෙන්න

Mohamed Dilsad

කොරෝනා එන්නත් විශේෂ පෙරහුරුවක් අද ස්ථාන 3 කදී

Mohamed Dilsad

Leave a Comment