දේශීය

දන්සැල් සංවිධානය හෝ වියළි ආහාර බෙදා දීමට කිසිදු අනුමැතියක් නැහැ

(UTV | කොළඹ) – පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් උපදෙස් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොන්දේසි සහිතව දන්සැල් සංවිධානය කිරීමට හෝ වියළි ආහාර බෙදා දෙන දන්සැල් සංවිධානය කිරීමට කිසිදු අනුමැතියක් දී නොමැති බව එම සංගමය දැනුම් දී සිටියි.

විවිධ ප්‍රදේශවල ජනතාව තම ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවී දන්සැල් සංවිධානය කිරීම සඳහා අනුමැතිය ගැනීමට ඉල්ලීම් කිරීම් පිළිබඳ වාර්තා වන බවත් , එබදු ඉල්ලීම් නොකරන ලෙසටත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

 

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන දින මෙන්න

Editor O

කොවිඩ් දේහ භූමදානය සඳහා ඉරණතිව් ප්‍රදේශයේ දූපතක් හඳුනා ගැනේ

Mohamed Dilsad

හජ් උත්සවය සැමරීම අගෝස්තු 01 වනදා

Mohamed Dilsad

Leave a Comment