දේශීයවිදෙස්

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වෙයි

(UTV| කොවිඩ් 19) – මේ වන විට ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ හතරකට ආසන්න වී තිබේ.

සමස්ත මරණ සංඛ්‍යාව 386, 779 ක් ලෙස දැක්වෙන අතර, මුළු ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 6561, 951 ක් ලෙසයි.

සුවය ලැබූ සංඛ්‍යාව 3161, 234 ක් බවට ද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවන අතර එය දැක්වෙන්නේ 1,269 ක් ලෙසයි.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 32,547 ක් ලෙස වාර්තාවන අතර, ආසාදිතයන් සංඛ්‍යාව 583,980 ක් ලෙස දැක්වෙයි.

තවදුරටත් ඇමරිකාවේ දෛනික මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් දක්නට ලැබෙන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 109,140 ක් ලෙස වාර්තා වෙද්දී ආසාදිතයන් සංඛ්‍යාව 191,686 ක් ලෙසට සටහන් වෙයි.

දිනෙන් දින ඉහළ යන ඉන්දියාවේ ද ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 259 ක් වාර්තාවූ අතර, නව ආසාදිතයන් 9,633 ක්ද සොයාගෙන ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.

Related posts

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

රත්තරන් කිලෝ 10 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නාකොටික් නිළධාරීන් 13 දෙනා තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment