දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව එහි උපදින සෑම දරුවෙකුටම ගුණාත්මක ප්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප්‍රස්ථා සලසා ඇති බවත්, රටේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය නිසි කලට ප්‍රතිශක්තිය අත්කර ගැනීමට දරුවාට ඇති අයිතිය මත පදනම්ව තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඉදිරි වසර 5 තුල ලෝකයේ දිළිඳුම රටවල් කිහිපයක මැලේරියාව, කොලරාව, සරම්ප, එච්අයිව් ඒඩ්ස් වැනි බෝවෙන රෝග මර්දනයට අවශ්‍ය එන්නත් බෙදා හැරීමට ඩොලර් බිලියන 7.4ක් රැස් කර ගැනීමේ අරමුණෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (04) පවත්වන ලද “ගෝලීය එන්නත් සමුළුව 2020”ට එක් වෙමින් ජනාධිපති රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.

එක්සත් රාජධානිය, බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම, ගැවි එන්නත් සන්ධානය සහ එක්සත් ජාතීන් එක්ව සංවිධාන කළ සමුළුව රාජ්‍ය නායකයන්ගේ, විවිධ පදනම් ආයතනවල, පෞද්ගලික අංශයේ හා සිවිල් සමාජයේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

“ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත හා ලියාපදිංචි කරන ලද ගුණාත්මක එන්නත් කෙරෙහි ශ්‍රි ලංකාව විශ්වාසය තබා ඇත. අපේ අරමුණ වන්නේ සෑම දරුවෙකුටම ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණ මට්ටමක් සහතික කිරීම සඳහා එන්නත්වල ගුණාත්මකභාවය හා ශක්‍යතාව සහතික කිරීමයි”, සමුළුව අමතමින් රාජපක්ෂ මහතා පැවසීය.

උද්ගතව ඇති කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ ළමා එන්නත්කරණය නැවත ආරම්භ කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව අවධාරණය කළ ජනාධිපතිතුමා පැවසුවේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගය ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ගුණාත්මක භාවය පවත්වාගෙන යාම සහ අවශ්‍යතාව පැන නැගුණු විට නව එන්නත් නිසි වේලාවට හඳුන්වාදීම බවයි.

“ගත වූ වසර 30 පුරා රෝග මර්දනය කිරීමේ අපේ සාර්ථකත්වය ආරක්ෂා කර ගැනීමට අපි අන් කවරදාටත් වඩා දැන් උනන්දු වන්නෙමු” යයි ද ජනාධිපතිවරයා කීය.

සිය සාර්ථකත්වයේ වාර්තව සහ යහපුරුදු ගෝලීය ප්‍රජාව සමඟ බෙදා ගැනීමට ශ්‍රි ලංකාව සූදානම් බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

පසුගිය දෙවසරේ ඖෂධ ගෙන්වීම් සහ බෙදාහැරීම් පිළිබඳ විගණකාධිපතිගෙන් විමර්ශනයක්

Mohamed Dilsad

කොළඹ නගරයේ ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

රට වසා දැමීමට අවශ්‍යතාවයක් නැහැ : චන්න ජයසුමන

Mohamed Dilsad

Leave a Comment