දේශීය

වැලි ඡාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ලබාදීමට දුරකථන අංකයක්

sand

(UTV | කොළඹ) – වැඩි මිලට වැලි විකුණන වැලි තොටුපල හිමිවන්ගේ කැණීම් බලපත්‍රය අහෝසි කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

බලපත්‍ර සහිතව වැලි කැණීම් සිදු කරන සමහර වැලි තොටුපලවලින් නියමිත ගාස්තුවලට වඩා වැඩි ගාස්තුවක් අය කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව එහි සභාපති අනුර වල්පොල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔහු පැවසුවේ මෙවැනි අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඒ සඳහා දැනටමත් වැලීම් ආරම්භ කර ඇති බවත්, වැලි ඡාවාරමේ නියැලෙන කිහිප දෙනෙකුගේ මෙවැනි ක්‍රියා කිරීම් කිසිසේත් ඉටු කර ගැනීමට ඉඩ නොදෙන බවත් ඒ මහතා සඳහන් කර තිබේ.

එමෙන්ම මෙවැනි වැලි ඡාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම 071 53 52 304 යන දුරකථන අංකය අමතා තමාට දැනුම් දෙන ලෙසත් සභාපතිවරයා  වැඩිදුරටත් පවසයි.

Related posts

ජන්ම දිනය දා මුරුත්තෙට්ටුවේ හිමි මහින්දට කියු දේ

Mohamed Dilsad

කොවිඩ් ආසාදිතයින් ගණන 4523ක්

Mohamed Dilsad

අභියෝග ජයගනිමින් සංචාරක ක්ෂේත්‍රය නව ගමනකට යොමු කරන්න සූදානම් වෙන්න

Mohamed Dilsad

Leave a Comment