දේශීය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන ඉරිදා වනවිට දිස්ත්‍රික්ක 6ක අවසන් වෙයි

(UTV | කොළඹ) – ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවා ඇති බවට පළ වන ඇතැම් වාර්තා අසත්‍ය බවත් , ලබන ඉරිදා වනවිට දිස්ත්‍රික්ක හයක පමණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ හැකි බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය තමන් දැනුවත් කර ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා  සඳහන් කරයි.

කොරෝනා වසංගතය හමුවේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසමට ලබාදුන් මාර්ගෝපදේශ ප්‍රධාන මාතෘකා 07 කින් සමන්විත වන බව ද ඒ යටතේ පළමුව අවධානය යොමුකර ඇත්තේ මැතිවරණයට පෙර ජනතාව දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සිදුකිරීම පිළිබඳව බව ද සඳහන් වෙයි.

ඊට අමතරව මෙම මාර්ගෝපදේශ මාලාවේ ප්‍රචාරක රැස්වීම් සම්බන්ධයෙන්ද අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් ඇතුළත් කර ඇත.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන්නැයි මානව හිමිකම් කවුන්සිලයේ දී ඉල්ලීමක්

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ළහිරු ජාතික රෝහලට

Mohamed Dilsad

රනිල්ගේ පාර්ශ්වය පොහොට්ටුව සමග දිගටම සාකච්ඡා

Editor O

Leave a Comment