දේශීය

මැනිං වෙළඳපොල හෙට සිට සෑම ඉරිදාවකම විවෘතයි

(UTV | කොළඹ) – හෙට (07) සිට සෑම ඉරිදාවකම කොළඹ මැනිං පොදු වෙළඳපොල යළි විවෘතව තබන බව මැනිං පොදු වෙළඳ සංගමය පවසයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මැනිං පොදු වෙළඳපොල විෂබීජහරණය කිරීම සඳහා ඉරිදා දිනයේදී වසා දැමීමට කටයුතු කළ බව එම සංගමයේ උප සභාපති නිමල් අත්තනායක සඳහන් කළේය.

ඒ අනුව, හෙට සිට සෑම ඉරිදා දිනකම උදෑසන 4.00 සිට පස්වරු 1.00 දක්වා එම වෙළඳපොල තොග සහ සිල්ලර වෙළඳාම සඳහා විවෘත කරයි.

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරුත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

මහමඟ තිබී හමුවූ සිරුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කළ අය සොයා පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment