දේශීය

හෙට විශේෂ පෙරහුරු මැතිවරණයක්

(UTV | අම්බලන්ගොඩ) – විශේෂ පෙරහුරු මැතිවරණය හෙට (07) අම්බලන්ගොඩදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිලිබඳව අවබෝධයක් ලබා ගැනීම එය පවත්වනු ලබයි.

අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරා ගත් ග්‍රාම සේවා වසමක පෙරවරු 10.00 ට මෙම පෙරහුරු මැතිවරණය ආරම්භ කෙරෙනු ලැබේ.

මෙහිදී ඡන්ද මධ්‍යස්ථානය සකස් කර ගන්නා ආකාරය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගතවන කාලය, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතය වැනි කරුණු පරීක්ෂා කෙරෙනු ඇති.

මෙම මැතිවරණය සඳහා 200ක පමණ පිරිසක් සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන බව ද වාර්තා වෙයි.

Related posts

දඹුල්ල ප්‍රදේශයේ දී මිය ගිය සෙබලාට කොරෝනා නැති බවට තහවුරු වෙයි

Mohamed Dilsad

සර්වජන බලය මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ විපක්ෂ නායක ධූරය වෙනුවෙන් – උදය ගම්මන්පිළ

Editor O

කොරෝනා රෝගීන් ගණන ඉහළට(UPDATE)

Mohamed Dilsad

Leave a Comment