දේශීය

ලබන සඳුදා සිට මංතීරු නීතිය ක්‍රියාත්මක වන මාර්ග මෙන්න

(UTV | කොළඹ) – ලබන 22 වැනිදා සිට කොළඹ නගරය තුළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

ලබන 08 වැනි සඳුදා සිට ලබන 22 වැනිදා දක්වා මාර්ගයේදී පොලිස් නිලධාරීන් විසින් මේ සම්බන්ධව රියැදුරන් දැනුවත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා කොළඹට පැමිනීමේදී සහ පස්වරු 4.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹින් පිටවීමේදී මංතීරු නීතිය අදාළවන අදාළවන මාර්ග පහතින් දැක්වෙයි.

කොළඹ ඕල්කට් මාවත, රීගල්, කුමාරණ් රත්නම් පාර, පිත්තල හන්දිය, පුස්තකාල වට රවුම සිට කොල්ලූපිටිය හන්දිය දක්වා මාර්ගය. ගල්කිස්ස මැලිබන් හන්දියේ සිට මොරටුව කුරුස හන්දිය දක්වා මාර්ගයේ පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹින් පිටවීමේදී මංතීරු නීතිය අදාළවනු ඇත.

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මකවන අවස්ථාවේදී එම මංතීරුව තුළින් ගමන් කළ යුතු වාහන පිළිබඳව ද පොලීසිය දැනුම් දී තිබේ.

ඒ අනුව පුද්ගලික බස් රථ , ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ , ආසන 20ට වැඩි (කාර්යාල ප්‍රවාහන සේවා) බස් රථ සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ සහ වෑන් රථවලට ප්‍රමුඛතා මංතීරුව භාවිත කල හැක.

Related posts

ගෑස් ටැංකියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හොරකම් කරලා – එජාප සභාපති වජිරගෙන් නිවේදනයක්.

Editor O

අශෝක වඩිගමංගාව ජීවිතක්ෂයට

Mohamed Dilsad

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment