දේශීය

විශේෂ පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

(UTV | කොළඹ) – නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණය අද (07) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ අම්බලන්ගොඩ, විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙන බවයි. පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධයස්ථාන පවත්වාගෙන යාමේ දී මතුවිය හැකි ගැටලු හදුනාගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණයි.

මෙහිදි සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ඡන්ද මධ්‍යස්ථාන සකස් කරගන්නා ආකාරය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගත වන කාලය පිළිබදව පරික්ෂා කිරීමට නියමිතයි.

මෙම පෙරහුරුව සදහා ඡන්ද දායකයින් 200ක පමණ පිරිසක් යොදාගැනීමට සැලසුම් කර තිබේ.

දුරස්ථභාවය පවත්වාගෙන යමින් මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිත කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලා ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීමට නියමිතයි.

Related posts

පාකිස්තානයෙන් ජාතික ආරක්ෂක විද්‍යාලයට අංගසම්පූර්ණ පුස්තකාලයක්

Mohamed Dilsad

පෞද්ගලික බස්රථ හිමියන්ට කෝටි 700 කට ආසන්න පාඩුවක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයීම අරඹන දිනය මෙන්න

Editor O

Leave a Comment