දේශීය

නීති විරෝධී ගෝඩා ලීටර් දස දහසක් ඇතුළු උපකරණ තොගයක් සීදුවේදී අත්අඩංගුවට

(UTV | සීදූව) – පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සීදූව කිඹුලාමුල්ල කලපු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා සහ උපකරණ රැසක් සොයාගැනීමට සමත්ව ඇත.

ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) දිනයේ මෙම වැටලීම සිදුකර ඇති අතර , එහිදී ගෝඩා ලීටර් දස දහසක්, එංජිමක් ද සමග බෝට්ටුවක්, යකඩ බැරල් 100 ක්, ගෑස් සිලින්ඩර් 24 ක් සහ ප්ලාස්ටික් බූලි 47 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් එහිදී සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සොයාගත් උපකරණ වැඩිදුර විමර්ශන සඳහා සීදූව පොලිසියට භාරදී ඇත.

Related posts

ආරක්ෂක අංශයේ 10,000කට විදෙස් රැකියා අවස්ථා

Mohamed Dilsad

ගුරුවරියකගේ අත්බෑගය පාසල තුළදීම සොරකම් කරයි

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment