දේශීය

අද සිට කොළඹ මංතීරු නීතිය අකුරට

(UTV | කොළඹ ) – කොළඹ නගරය තුළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය සම්බන්ධයෙන් රියැදුරන් මාර්ගයේදී දැනුවත් කිරීම අද (08) ආරම්භ කෙරේ.

ලබන 22 වනදා දක්වා එය ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවේය.

එදින සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන අතර මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

පොලිසිය විසින් මේ අනුව අද පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා කොළඹට පැමිනීමේදී සහ පස්වරු 4.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹින් පිටවීමේදී මංතීරු නීතිය අදාළවන මාර්ග කිහිපයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව

Mohamed Dilsad

සියලු ආගමික ඉරිදා දහම් පාසැල් ජනවාරි 17 වනදා ඇරඹේ

Mohamed Dilsad

කබ්රාල් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment