දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් පිරිසකට සුවයි

(UTV | කෝවිඩ් -19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 34ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පී සී ආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබේ.

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

මෙම නාවික හමුදා පුද්ගලයින් 34 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 522 ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Related posts

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු වෙනුවෙන් අද ජාතික ශෝක දිනයක්

Mohamed Dilsad

පාසැල් ගොඩනැගිලි 500 අද සිසු අයිතියට

Mohamed Dilsad

සිමෙන්ති සදහා උපරිම මිලක් සදහන් කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment