විදෙස්

කොරෝනා වසංගතය පාලනය කර ඇතැයි කියුබාව පවසයි

(UTV |කොවිඩ් 19) – කොරෝනා වසංගතය මේ වන විට තම රට පාලනය කර ඇතැයි කියුබානු රජය සඳහන් කරයි.   

එබැවින් ලබන සතියේදී නිරෝධායන සීමා ළිහිල් කිරීමට පියවර ගන්නා බවද එරට රජය පවසයි.

කියුබාවෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2200 ට ආසන්න වන අතර , මරණ 83 ක් වාර්තා වී ඇත.

කෙසේවෙතත් නැවත වරක් වෛරසය ව්‍යප්ත වීමේ අවස්ථා පාලනය කිරීමට සියළු පියවර ගන්නා බව කියුබානු රජය අවධාරණය කරයි.

මීට අමතරව, ගතවු දෙසතිය පුරා දේශීය වශයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමුනොවූ බව තායිලන්තය පවසයි.

එහෙත් වෙනත් රටවලින් පැමිණි පිරිස් අතර ආසාදිතයින් 77 දෙනෙකු හමුවු බව තායි බලධාරීන් සඳහන් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

රැජිනගේ අවසන් කටයුතුවලට දින නියම වෙයි

Mohamed Dilsad

ඉන්දීය ගොවීන් ට්‍රැක්ටර් හතලිස් ලක්ෂයකින් දිල්ලියට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි මැඩලීමට අමතර භටයින්

Mohamed Dilsad

Leave a Comment