දේශීය

ඉටුකම ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවයි

(UTV | කොළඹ) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවා තිබේ.

“Drive in Concerst” ප්‍රසංගයේ ප්‍රවේශපත් අලෙවියෙන් ලද මුදල් එකතුව භාතිය සංතුෂ් ගායක දෙපළ ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය විසින් අද (08) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබිණ.

මීට අමතරව ව්‍යාපාරිකයන් ඇතුළු රැසක් මෙම අරමුදලට සිය දායකත්වය සපයනු ලැබීය.

මේ වන විය ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,250,306,569.16 කි.

චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය.

දුරකථන අංක 0760700700/ 0112320880/ 011,2354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට අවස්ථාව සලසා ඇත.

Related posts

තරුණියකගේ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

2020 පළමු පාසල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාවයි – පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් රට වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment