දේශීයප්‍රමුඛ පුවත 1

මනාප අංක ගැසට් නිවේදනය අද

(UTV | කොළඹ ) – අද (09) දිනයේ මහ මැතිවරණයේ අපේක්ෂකයන්ට අයත් මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරීන් වෙත අද පෙරවරුවේ එම ලේඛන යොමු කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

ඒ අනුව එක් එක් අපේක්ෂකයාට දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් තමාට හිමි මනාප අංක ලබා ගත හැකියි.

ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී හෙට (10) සිට ඉදිරි දින 03 තුළදී මහ මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරන බවද මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

තවද මැතිවරණයේදී රාජ්‍ය දේපළ අයථා භාවිතය වැළැක්වීමට අදාළ උපදෙස් ඇතුළත් ගැසට් නිවේදනයක්ද මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට නිකුත් කර තිබේ.

Related posts

නාමයෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12 න් අවසන්

Mohamed Dilsad

ජූලි 1දා සිට වාහන ආනයනයට තිබිය යුතු දේවල්

Mohamed Dilsad

ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව ජීවත් වෙන්න සජිත්ට සහය දෙන්න – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment