දේශීය

ඊයේ ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් විදෙස් රටවලින් පැමිණි අයයි

(UTV | කෝවිඩ්-19) – ඊයේ (08) දිනය තුළ පමණක් ආසාදිතයින් විසි දෙදෙනෙකු වාර්තා වන අතර ඉන් 12 දෙනෙකු විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් වෙයි.

කුවේට්හි සිට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් පිරිස අතර වෙයි.

ඔවුන් මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

තවත් සිව් දෙනෙකු කටුකෙලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටි චෙන්නායිහි සිට පැමිණි අය වෙයි.

ඊයේ හඳුනාගත් නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව දස දෙනෙකු වන අතර ඔවුන් ඉයක්කච්චි සහ ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

බස් රථ තුළ වෙළෙඳාම තහනම්

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට රජයට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment