දේශීය

වසංගතය හමුවේ චීනයෙන් ලබාදෙන ණය සහන පිලිබඳ තීරණය ඉදිරි සතියේ

(UTV| කොවිඩ් 19) –  කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලංකාවට ඇති වූ ආර්ථික හානිය අවම කරලීම සඳහා මූල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ දී තීරණයකට එළඹිය හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී – ජින් පින් සමඟ පසුගිය මාසයේ පැවැත්වූ දුරකථන සංවාදයේදී ද ඒ පිලිබඳව අවධානය යොමුකර ඇත.

වසංගතය හමුවේ ආර්ථික හානි වලට මුහුණදෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් 77 කට ණය සහන සැලසීමට චීනය පසුගියදා එකඟත්වය පළ කළ අතර , චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකාව එම රටවල් ඛාණ්ඩයට අයත් නොවන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමඟ පවතින සමීප ආර්ථික සහයෝගිතාව හේතුවෙන් මෙරට ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා සහය වීමට සූදානම් බව චීන රජය ප්‍රකාශ කරයි.

Related posts

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වැඩි අයට එන්නත්කරණය හෙට සිට

Mohamed Dilsad

යාපනය පොලිසියේ කොරෝනා ආසාදිතයන් ඉහළට

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment