දේශීය

ලබන 29 වනදා සිට කතෝලික පාසල් ඇරඹීමටත් පියවර

(UTV | කොළඹ) – ජූනි 29 වනදා සිට රජයේ පාසල් ආරම්භ කරන ආකාරයෙන්ම කතෝලික පාසල්ද ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්‍ෂ අයිවන් පෙරේරා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ජූනි 29 වනදා සිට පියවර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව එදින සිසුන් පාසල්වලට පැමිණීමට අවශ්‍ය නොවන අතර, විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලය, අනධ්‍යයන සේවකයින්, පාසල් කළමනාකරණ මණ්ඩලය පාසලට පැමිණිය යුතුව ඇත.

Related posts

සුඛෝපභෝගී භාණ්ඩ සහ මෝටර් රථ ආනයනය තහනම් කෙරේ

Mohamed Dilsad

තුන් දෙනාගේ ආණ්ඩුවෙන් 2025 වසරේ පළමු මාස 04 ට අතුරු සම්මත ගිණුමක්

Editor O

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට දින වෙන් කර ගැනීමට නව දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment