(UTV | කොළඹ ) – මැතිවරණ කොමිසම අද(10) නැවත රැස්වේ.
ඒ මහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අද(10) සිට ඉදිරි දින 3 තුළ මහ මැතිවරණ දිනය නිවේදනය කරන බවයි.
මේ අ තර කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා සියලුම සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද දිනයේදී කොළඹට කැඳවා ඇත.
තැපැල් ඡන්ද කටයුතු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරයි.