දේශීය

කින්නියාහි පිපිරීමක්. පුද්ගලයෙකු මරුට

( UT V|කොළඹ) – කින්නියා, පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පිපිරීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මසුන් මැරීම සඳහා ඩයිනමයිට් යොදාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එය පුපුරා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

තුවාල ලැබුවන් කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇත.

සිද්ධියෙන් මියගිය පුද්ගලයා අවුරුදු 37ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යැවුණි.

Related posts

මෙරට PCR පරීක්ෂණ 97,000 ඉක්මවයි

Mohamed Dilsad

කැසිනෝ ක්‍රීඩාවේ නිරතව සිටි චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

විශ්වවිද්‍යාල විවෘත වෙන දිනය ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment