දේශීය

දරුවන්ට සිදුවන අපයෝජනයන්ට එරෙහිව ළමා අධිකාරිය නීති දැඩි කරයි

(UTV | කොළඹ) – දරුවන්ව ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපතී මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසා සිටින්නේ ළමා ආරක්ෂක අධිකාරිය සතු බලතල ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා කරන හෝ ප්‍රතිරෝධය පාන සෑම තැනැත්තෙක්ම වරදක් සිදු කරන බවත් එම තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්  සිදුකරන බවත්ය.

ළමා ආරක්ෂාව තහවුරු කිරීම හා ළමයින්ගේ උපරිම යහපත සැලසිම සඳහා සියලු පුද්ගලයන් හා පාර්ශවයන් වගකීමෙන් යුතුව, එක්ව කටයුතු කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපේක්ෂා කරන බව මුදිත විදානපතිරණ මහතා වැඩිදුරටත් කියා සිටියි.

Related posts

පුද්ගලයින් 455 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

Mohamed Dilsad

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශන අරඹයි

Mohamed Dilsad

ප්‍රධාන රෝහල් රැසක් කොරෝනා රෝගීන්ගෙන් පිරෙයි

Mohamed Dilsad

Leave a Comment