දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් නාවිකයින්

(UTV | කොළඹ ) – ඊයේ (10) දිනයේ දී හඳුනා ගැණුනු රෝගීන් දස දෙනා අතර නාවික හමුදා සාමාජිකයින් 08 දෙනෙකු වන බව සඳහන් වෙයි.

ඔවුන්ගෙන් 07 දෙනෙකු ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයා මුලතිව් නාවික හමුදා මධ්‍යස්ථානයේ සිටි අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊයේ දිනයේ හඳුනා ගැණුනු අනෙක් රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකු කටාර් හි සිට පැමිණ පලගහතැන්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා මුම්බායි හි සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අයෙකු බව සඳහන්.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 736 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 1122 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

Mohamed Dilsad

මෙරට රැඳී සිටි මැලේසියානුවන් 81 ක් සියරට බලා යයි

Mohamed Dilsad

දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය අප්‍රේල් 02

Mohamed Dilsad

Leave a Comment